Fantastic Travelers
26 July at 6:12 AM

Fantastic Travelers
26 July at 6:12 AM
දවසක ට්‍රිප් එකක්🥰🍀නුවරට ලගම සුන්දර හුන්නස්ගිරිය 😮🌿🐙🦋☘️🦀🌳🌺🐬 මහනුවර මහියංගණ මාර්ගයේ හමුවන මනස්කාන්ත වටපිටාවකින් හෙබි ප්‍රදේශයකි. නක්ල්ස් කදුකරයට පිවිසිය හැකි ප්‍රධාන මාර්ගයක් මෙහි පිහිටා ඇත. හුන්නස්ගිරිය මුහුදු මට්ටමේ සිට උස මීටර 864 උසින් පිහිටලා තියෙනවා වගේම හුන්නස්ගිරිය කියන්නේ ලංකාවේ ලස්සනම සංචාරක පුරවරයක් වන මීමුරේ දක්වා දිවෙන මාර්ගය පිහිටා අති මනස්කාන්ත ප්‍රදේශයකි. හුන්නස්ගිරිය සිට මීමුරේ වෙත දුර කිලෝමීටර් 35කි මහනුවර සිට දුම්රිය 42Km හුන්නස්ගිරිය කලවල, මඩුගල්ල, කළුන්තැන්න, උඩුදුම්බර, මාදුගොඩ, පිටිගොඩ, රන්දෙණිගල, කියන ගම්මානවලින් සමන්විතයි. මේ හුන්නස්ගිරිය කියන්නෙ සුන්දර සංචාරක ස්ථාන තියෙන ප්‍රදේශයක්. ඔයත් හුන්නස්ගිරිය. මීමුරේ පැත්තේ ට්‍රිප් එකක් යනවනම් මේ තැන් බලන්න අමතක කරන්න එපා. ඒ අවට සංචාරක ස්ථාන, 1) වැවතැන්න කදවුරු බිම 2) දෝතලුගල කදවුරු බිම 3) කෝබර්ට් ගැප් 4) ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය 5) යහන්ගල 6) කලුගල ගැරඩි ඇල්ල 7) නවනගල 8) මැදමහනුවර කන්ද 9) මීමුරේ 10) අලුගල්ලෙන 11) ජෝඩු ඇල්ල 12) බඹරගනොය දිය ඇල්ල 13) නකල්ස් මේ තමා මහනුවර මහියංගනය මාර්ගයේ වගේම හුන්නශිරිය අවට පිහිටලා තියෙන සංචාරක ස්ථාන. මෙතනින් යහන්ගල, කලුගල ගැරඩි ඇල්ල කියන්නේ ලංකාවේ තියෙන ටිකක් අමාරු වගේම ලස්සනම හයිකින් දෙකක්. කදු නගින අයගෙ හීනයක් තමයි ඊට පස්සෙ වැවතැන්න කියන්නේ වහනේම යන්න පුලුවන් ලස්සන කැම්පින් සයිට් එකක්. පොඩි ගෙවීමක් කරලා වාහනේම ගිහින් කෑම්පින් කරන්න පුලුවන්. මීට අමතරව මීමුරේ කියන්නේ තවත් ලස්සන පාරාදීසයක්. ඒ ගැන වෙනම සටහනක් අපි පේජ් එකේ දාලා තියෙනවා ඔයාලට බලන්න පුලුවන්. එතනින් තව මහියංගනය පැත්තට ගියොත් දහ අට වංගුව, දහ අට වංගුව View point, එතනින් පල්ලහාට ගියොත් රත්න ඇල්ලත් බලන්න පුලුවන්.
Sign in so we know you're a real visitor, and keep reading.

