බජට් Hotels logo

Stays & Escapes

Discover hand-picked hotels, villas, and travel packages across Sri Lanka. Real places, real prices, updated every day.

1 of 5
Fantastic Travelers

Fantastic Travelers

25 July at 4:10 AM

TRAVEL IDEAS
ගොඩ දෙනෙක් යන්න ආසම ලංකාවේ ලස්සනම road trip එකක්🥰🍀😮🌺🌿🌹🐦🍃 ගම්පහ, කොළඹ ඉඳන් යන කෙනෙක්ට හොඳ Ride එකකුත් එක්ක ලස්සන photo ටිකකුත් ගහගෙන අමතක නොවන අත්දැකීමක් අරං ගෙදර එන්න පුලුවන් route එකක් තමයි මේක. ගමන් මාර්ගය වෙන්නෙ මෙහෙමයි👇 කොළඹ ➡️ රත්නපුර ➡️ හපුතලේ ➡️ බොරලන්ද ➡️ ඔහිය ➡️ හෝටන් තැන්න ➡️ පට්ටිපොල ➡️ නානුඔය ➡️ හැටන් ➡️ කිතුල්ගල ➡️ අවිස්සාවේල්ල ➡️ කොළඹ පුලුවන් තරම් උදේම රත්නපුර හරහා හපුතලේට එන්න අලන්න. මෙතනදි අතරමග බලන්න දේවල් ගොඩක් තිබ්බත් අපේ ප්‍රධාන අරමුන ⭕බොරලන්ද ඔහිය හරහා හෝර්ටන් තැන්නෙන් නුවරඑළියට යන ටික⭕ ඒ නිසා මග තියෙන ස්ථාන වලට වැඩි සැලකිල්ලක් දක්වන්න එපා. හපුතලේ ට ඇවිත් හපුතලෙන් බොරලන්දට යන්න පුලුවන්. අමතක නොකර හපුතලේ View point ගාව ටිකක් නතර වෙලා එන්න. හපුතලේ ඉදන් බොරලන්දට වෙනකන්ම පාර හොඳටම හොඳයි කාර්පට් දාල තියෙනව. එතනින් ඔහිය පැත්තට ටික දුරක් ගියාට පස්සෙනම් කාර්පට් පාර ඉවරවෙලා ගල් දාපු තාර දාපු පාර තමයි තියෙන්නෙ. එතනින් පටන්ගන්න තාර පාර blackpool junction එකෙන් හැටන් නුවරඑළිය පාර හම්බෙනකන්ම. ඒ උනාට තාර පාර උනත් ගොඩක් අබලන් නෑ. කාර් එකකට උනත් යන්න පුලුවන් මට්ටමෙන් තියෙනවා. ⁣ එතනින් එයාට තමා හොදම පාර පටන් ගන්නේ. බොරලන්ද ඉඳල හෝටන් තැන්නට යනකන් පාර ගැන කියන්න වචන නෑ. ඒ තරමට ලස්සනයි. මීදුම මැද්දෙන් අදුරු ගතියත් එක්ක අද්භූත ගතියකුත් තියෙනවා. ඒකට සීත⁣ල පොද වැස්සකුත් සෙට් වෙනවා කියන්නේ. ආයේ කියන්න වචන නෑ. ඒ තරමට සුන්දරයි. ඊට පස්සෙ හම්බෙනවා ඔහිය ස්ටේශන් එක. ඔහිය station එක පහුවෙලා යද්දි ජනප්‍රිය photo location එකක් හම්බෙනව. එතන ඉදන් පොටෝස් ගන්නත් පුලුවන්. ඊට පස්සෙ තමා ලස්සනම හරිය. ඔන්න අපි දැන් හෝර්ටන් තැන්නට ඇතුලු වෙන්න යන්නේ. නුවරඑළියේ පැත්තේන් එනවවට වඩා මම දකින විදිහට ලස්සනම පාර ටමා මේක. මේකෙදිඔයාලා ටිකට් එකක් ගන්න ඕනේ. වාහනේම හෝර්ටන් තැන්න ඇතුලෙන් පට්ටිපොල පිවිසුමෙන් එලියට එන්න පුලුවන්. අමතක නොකර 2 ට කලින් පිවිසුම ලගට එන්න. මොකද හවසට මේක වහනවා. අපි උදේ 5ට පිටත් වෙලත් උදේ 11.00 වගේ වෙද්දි ඔහියට ආවා... හෝර්ටන් තැන්න ඇතුලේ සුන්දරත්වය විදින ගමන් හිමීට යන්න. හැබැයි නවත්තලා කැලේ රිංගන්න එහෙම හදන්න එපා. දැන් හෝර්ටන් තැන්නේ කොටි ගහනය වැඩී. හෝටන් තැන්න පහු කරගෙන පට්ටිපොලට ආවම තවත් photo location එකක් හම්බෙනව. මේ දවස් වල ගොඩක් preshoot එහෙම කරන්නෙ ඔතන තමා. ඊට පස්සෙ කන්දෙ ඇල ජලාශය හම්බෙනවා. එතන නැවතිලා ගිමන් අරින්න පුලුවන්. එතනත් ගොඩක් ලස්සනයි Blackpool junction එකෙන් හැටන් පැත්තට හැරිල එද්දි st claire දිය ඇල්ලෙ view point එකක් හම්බෙනව. එතනින් තව ඉස්සරහට එද්දි devon ඇල්ල බලන්න පුලුවන්. Tea castle එකෙන් තේ එකක් බීල යන්නත් අමතක කරන්නෙපා. ඔහොම හිමීට ආවම කිතුල්ගල පැත්තේ පොඩි ඇලක් අල්ලලා හොදට නාගෙන ආපහු ගෙදර එන්න පුලුවන්. මුලු ගමනම 400Km විතර වෙනව කොළඹ ඉඳල. මේක ගොඩක්ම ලසසන ගමනක්. ඒ වගෙම ගොඩක් ලොකේශන් කවර් කරන්න පුලුවන්. උදේම යන්න බලන්න. එතකොට ඔයාලට රෑ වෙන්න කලින් එන්න පුලුවන්. දවසෙන් යන්න අමාරු අයට මේක දවස් දෙකකට තුනකට වගේ කඩා ගන්නත් පුලුවන්. හපුතලේ සහ නුවරඑළිය නවාතැන් කරගන්න පුලුවන්. ඒත් මේ ගමන දවසින් ගිහින් ආපු අය ඕන තරම් ඉන්නවා. Travel කරන අය Hotel s හොයන අය Join වෙන්න👇 එහෙනම් Good luck ❤
190 likes15 Comments76 Shares

Sign in so we know you're a real visitor, and keep reading.

15 Comments76 Shares

Trusted Listings

Verified hotels and genuine land listings you can trust.

Best Prices

Get the best deals for your perfect stay or investment.

Quick Support

We're here to help you find what you need.

Quality Service

Your satisfaction is our priority always.

බජට් Hotels

Aggregating the best hotel and land-for-sale listings from Facebook, all in one place.

Explore

© 2026 බජට් Hotels. All rights reserved.
Fantastic Travelers — Grabit.lk