බජට් Hotels logo

Stays & Escapes

Discover hand-picked hotels, villas, and travel packages across Sri Lanka. Real places, real prices, updated every day.

1 of 5
Fantastic Travelers

Fantastic Travelers

4 August at 4:04 AM

TRAVEL IDEAS
සුන්දර දෙනියායට සංචාරයකට එනවනම් බලන්න තියෙන තැන් 7ක් 🌊🌿🐚🍂♥️🍀😍 පුංචි නුවරඑළිය විදිහට සමහරු හඳුන්වන දෙනියාය ප්‍රදේශය එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා සංචාරකයන් අතර අතිශය ලෙස ජනප්‍රිය වී තිබෙනවා. ඉතින් අද අපි ඔබට කියන්නට සැරසෙන්නේ දෙනියාය ප්‍රදේශය ආශ්‍රිතව ඔබට නරඹන්න තියෙන තැන් ගැනයි. මාතර සිට දෙනියාය කරා යන ගමන අතරේදී ඔබට නරඹන්න පුලුවන් තැන් වගේම දෙනියායෙදී ඔබට නරඹන්න පුලුවන් තැන් ගැනත් මේ ලිපි‍යේදී ඔබව දැනුම් වත් කරනවා. 1. දෙනියාය ගැන දැනුවත් කිරීමක් මාතර සිට අකුරැස්සට ඇවිල්ලා අකුරැස්සෙන් දෙනියාය පාරේ ඇවිත් පිටබැද්දර, මොරවක, කොටපොළ ආදී නගර කිහිපයක් පහු කරාම දෙනියාය නගරය මුණගැහෙනවා. විදේශීය සංචාරක ආකර්ශනය බහුලව දිනාගෙන තිබෙන දකුණුකරයේ සීත ප්‍රදේශයක් විදිහට දෙනියාය හඳුන්වන්න පුලුවන්. දෙනියායට යන අතරමග වගේම දෙනියායෙදීත් ඔබට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි තේ වතු. නුවර එළියෙ වගේම විශාල තේ වතු වලින් පාර දෙපස හැඩ වෙලා තියෙන අයුරු ඔබට බලාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අකුරැස්ස දෙනියාය පාර කියලා කියන්නේ ලොකු වංගු සහිත, කඳු සහිත පාරක්. ඒ වගේම දෙනියායට යද්දී පාර දකුණු පැත්තෙන් නිතරම වගේ දකින්න තියෙන බෑවුම ගැනත් ඔබ දැනුවත් කල යුතුමයි. දෙනියායට එන ගමනෙදි බලන්න පුලුවන් තැන්. -------------------------------------- 1. ඕලු දොළ ඕලු දොළ කියන්නේ මහා ලොකු තැනක් නම් නෙමෙයි. ඒත් බොහොම ලස්සන තැනක්. වතුරත් ගලා යන තැනක් ස්වභාවිකවම පොඩි විලක් වගේ හැදිලා තියෙනවා. ඒ හන්දා මෙතන නාන්න කියාපු තැනක් විදිහට හඳුන්වන්න පුලුවන්. මේක තියෙන්නේ අකුරැස්සේ ඉඳලා දෙනියාය පාරෙ එද්දි හමුවෙන හුලංදාව කියන ප්‍රදේශයේ. මෙතෙන්ට යන්න තියෙන්නේ වැල් පාලමක එහෙම ගිහිල්ලා. ඒ හන්දා ඕලු දොළට යන ගමන ඔබට අමතක නොවන ගමනක් වේවි. 2. එලමල්දෙණිය රජමහා විහාරය එලමල්දෙණිය පන්සල බලන්න යන්න නම් පිටබැද්දරදී පොඩ්ඩක් පාර වෙනස් කරලා සියඹලාගොඩ පාරෙ ටික දුරක් යන්න ඔබට සිද්ධ වෙනවා. එහෙම යද්දි හමුවන පරගස්තැන්න හන්දියෙන් හැරිලා ගියාමයි ඔබට එලමල්දෙණියේ පන්සල හමුවන්නේ. රජමහා විහාරයක් වන මේ විහාරය වලගම්බා රජතුමාගේ කාලයේ හැදුව එකක් කියලයි සඳහන් වෙන්නේ. මේ පන්සල රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පූජා කරපු එකක් කියලයි කියන්නේ. ඒ හන්දා දුකට පත්වෙච්ච ගොඩක් මිනිස්සු දෙවියන්ට දුක කියන්න මේ පන්සලට එනවා. බොහෝ විට ඔවුන්ට පිහිටක් ලැබුණු බවත් කියවෙනවා. කෙලින් උඩ බැලුවම පොඩ්ඩක් විතරක් ඇද වෙලා පේන අපූරු දිග පිය ගැට පෙළකින් මේ පන්සල සමන්විතයි. හැබැයි කකුලෙ එල්ලෙන කූඩැල්ලො ගැන නම් වගකීමක් ගන්න බෑ අපට. 3. ඇතාමළ ඇල්ල දෙනියාය පාරේ පිටබැද්දර පහු කරලා ගමන් කරද්දී හම්බවෙන නිල් ඇල්ල වතුයාය ළඟින් දකුණු පැත්තට පල්ලෙහාට තියෙන පාරෙ පොඩි දුරක් ගියාම මේ ඇතාමළ ඇල්ල හම්බවෙනවා. මෙතැන ඉස්සර කාලෙක ඇතෙක් මළ නිසා ඇතා මළ ඇල්ල ලෙස ව්‍යවහාර වුණ බවයි කියවෙන්නේ. බොහෝ උස නැති එහෙත් අලංකාර දියඇල්ලක් විදිහට හඳුන්වන්න පුලුවන්. මෙතන නාන්නනම් හොඳ තැනක් නොවන බවත් ඔබට මතක් කල යුතුමයි. 4. ගැටබරු දේවාලය දෙවුන්දර දේවාලය තරමටම ප්‍රකට ගැටබරු දේවාලය හාස්කම් වලින් පිරි තැනක් විදිහට විශ්වාස කෙරෙනවා. මෙතැනත් රජ්ජුරු බණ්ඩාර දෙවියොන්ට අයත් පූජා භූමියක් විදිහටයි හැඳින්වෙන්නේ. දෙනියාය පාරේ යන අතරමග කොටපොළ නගරයට ටිකක් මෙහායින් වම් අත පැත්තට උඩට තියෙන මාර්ගයක ගිහිල්ලයි ගැටබරුව දේවාලයට යන්න පුලුවන් කම තියෙන්නේ. දෙනියායේ බලන්න තියෙන තැන් ------------------------- 1. හත්මාලේ ඇල්ල (සත්මහල් ඇල්ල) ඉතාමත් අලංකාරම සහ සුවිශේෂීම භූ පිහිටීමක් තියෙන හත්මාලේ ඇල්ල පිහිටලා තියෙන්නෙ දෙනියාය නගරයෙ ඉඳලා බොහොම පොඩි දුරක් එහායින්. මොකක්ද මේකෙ තියෙන සුවිශේෂි කම කියලා ඔබ අහවි. දිය ඇල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් වතුර උඩ ඉඳලා පහළට වැටෙන තැනක් නේ. ඒත් මේ දිය ඇල්ලේ වතුර වැටෙන්නෙ තට්ටුවෙන් තට්ටුවට. එහෙම තට්ටු හතක් තියෙන හන්දා හත්මාලේ ඇල්ල කියලා මේකට කියනවා කියලයි කියන්නේ. ගිහිල්ලම බලන්න ඕන ලස්සන තැනක්. නාන්න බලාගෙන යන්න එපා. ටිකක් භයානකයි. 2. පැට්නා දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි පැට්නා කියන්නේ. පැට්නා හි තියෙන්නෙත් අපූරු භූ පිහිටීමක්. සුලු දිය සීරාවක් ගලා එන, පල්ලෙහාට ලිස්සල එන්න පුලුවන් විදිහේ පැතලි විශාල ගලක් මෙහි තියෙනවා. ඒක හරියට සී සෝ එකක ලිස්සලා පල්ලෙහාට එනව වගේ. ඔබ නැරඹියම යුතු වෙනස් විදිහේ තැනක්. හැබැයි එද්දී ගේන පොලිතින් ප්ලාස්ටික් ඔබම අරගෙන යන්න කියන කාරුණික ඉල්ලීම ඔබෙන් කරන්නේ කෙටි කාලයක් තුළ සංචාරකයන් නිසා මෙතැන පරිසරයට වුණු විනාශය ඉමහත් නිසයි. 3. සිංහරාජය ලෝක ප්‍රකට ජෛව විවිධත්ව පද්ධතියක් වන සිංහරාජ වනාන්තරයේ එක් ප්‍රවේශ දොරටුවක් දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. සිංහරාජය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නිවර්තන වැසි වනාන්තර කාණ්ඩයට අයත් වන සිංහරාජ වනාන්තරය දිය ඇළි විශාල ප්‍රමාණයක්, වන සතුන්, ශාක විශාල ප්‍රමාණයක් තමන්ගේ තුරුළේ හංගන් ඉන්න සොබාදමේ අපූරු නිමැවුමක්. දෙනියායට එන ඔබට නවාතැන් ලබාදෙන්න ඉතා හොඳ තත්ත්වයකින් යුතු නවාතැන් බොහෝ ප්‍රමාණයක් ඉදිවෙලා තියෙනවා. සිංහරාජය නරඹනවනම් ඒ ඇතුළේ තියෙන නවාතැනේ නවතින්නත් ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම සිංහරාජය ඇතුළට යද්දී ඔබේ දුරකථනයේ සිග්නල් නැත්තටම නැති වෙලා යනවා. ඒ හන්දා සිංහරාජය නරඹන්න යනවනම් ඒ ගැන ඔබේ ළබැඳියන්ට දැනුම් දීලම යන්න.
49 likes1 Comment27 Shares

Sign in so we know you're a real visitor, and keep reading.

1 Comment27 Shares

Trusted Listings

Verified hotels and genuine land listings you can trust.

Best Prices

Get the best deals for your perfect stay or investment.

Quick Support

We're here to help you find what you need.

Quality Service

Your satisfaction is our priority always.

බජට් Hotels

Aggregating the best hotel and land-for-sale listings from Facebook, all in one place.

Explore

© 2026 බජට් Hotels. All rights reserved.
Fantastic Travelers — බජට් Hotels